අම්පිටියේ මංගල හිමි
අම්පිටියේ මංගල හිමි බෞද්ධ භික්‍ෂුවකි. ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනයේ සේනාසනාධි තනතුතර සහ ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ වනවාස පාර්ශවයේ අනුනායක තනතුරු දරයි.
ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය, සල්ගල අරණ්‍ය සේනාසනය , සුගත ගුණවර්ධන විවේක සේනාසනය , නීලගිරි අරණ්‍ය සේනාසනය , නාග පබ්බත අරණ්‍ය සේනාසනය ,
ආදී සේනාසන ගණනාවක අදිපත්‍ය උසුලන අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 300කගේ පමණ ආචාර්ය වරයා ද වේ.
අම්පිටියේ මංගල නායක ස්වාමීන්ද්රයන්ගේ ගුරුවරයා වන්නේ මඩකඩ වන සෙනසුණේ නිර්මාතෘ බෝදිසත්වගුනෝපේත රංවල සද්ධාතිස්ස (දොස්තර හාමුදුරුවෝ ) මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය .
අම්පිටියේ මංගල නායක තෙරණුවන් මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ මහරගම වජිරඥාන ධර්මයතනයෙනි. එහිදී ප්‍රාචීන පණ්ඩිත උපාධිය හදාරා ඇති අතර රත්මලානේ පරම ධම්ම චේතිය මහා පිරිවෙන ආචාර්ය වරයෙකු ලෙස කටයුතු කර ඇත.ඉන්පසු විනයාචාර්ය උපාධිය සම්පුර්ණ කරමින් සසුන් කෙත ආලෝකමත් කිරීමට මහා මෙහෙවරක් කරමින් ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති වී ඇත. නායක හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වරයන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත ආචාර්ය මීගහකුබුරේ ධම්මගවේෂි නායක තෙරුන්ය.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.