For faster navigation, this Iframe is preloading the Wikiwand page for අනුරාධ දූල්ලෑව විජයරත්න.

අනුරාධ දූල්ලෑව විජයරත්න

අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න
උපතමාර්තු 22, 1962 (1962-03-22) (වයස 62)
නිවහන168/7, ඇතුලත මල් පාර, කොළඹ 7.
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර
ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ සහ ආයෝජක
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයා(යන්)දයාoගනි විජයරත්න
දරුවන්වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න
ආගමබෞද්ධ

අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න (ඉංග්‍රීසි: Anuradha Neelendra Dullewe Wijeyeratne) (1962 මාර්තු 22) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයකු හා ආයෝජයකි.[1] 1931 වසරේ සිට වසර 90 කට වැඩි පරපුර තුනක දේශපාලන ඉතිහාසයක් ඇති පවුලකින් පැවත එන ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කල අතර සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 වසරෙහිදී තේරී පත් විය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් හොබවා ඇත.[2] එක්සත් ජාතික පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට ඔහුට ආරාධනා කර 2020 මාර්තු මාසයේදී මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කරන ලදී. 2020 මහ මැතිවරණයේ දී විජයරත්න පාර්ලිමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් අසුනකට ඉදිරිපත් වි පරාජයට පත් වු අතර ඔහු දක්ෂිණාංශය මතවාදීව එක්සත් ජාතික පක්ෂ තුල ස්ථානගත වී ඇත.[3]

පූර්ව අවධිය හා අධ්‍යාපනය

[සංස්කරණය]

වර්ෂ 1931 දී පැවැති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයේදී කෑගල්ල මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රී ධූරය හෙබවූ පළමුවැන්නා වූද[4]කීර්තිමත් ලංකික දේශපාලන පවුලකින් පැවත එන නිදහස් සටනේ පුරෝගාමියෙකු වු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ගේ මුණුපුරේකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රංශයේ පිහිටි ප්‍රධාන මූලස්ථාන 1987 අන්තර් ජාතික මහා මණ්ඩල සැසිවාර දි අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් අනුරාධ දූල්ලෑව විජයරත්න හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඒ.ආර්.ඛි අමරසිoහ සමගින්

මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර ද ජේ.ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා අධිකරණ කැබිනට් අමාත්‍ය ධුරය දැරැ ආචාර්ය නිශ්ශංක විජයරත්න සහ රඹුක්කන මිදුම වලව්වේ නිටා දූල්ලෑව විජයරත්න යුවලට දාව 1962 මාර්තු 22 වැනි දින අනුරාධපුරයේ දි උපත ලත් ඔහු නෙරංජන්, මනෝ, ලංකේෂ් සොහොයුරාන් තුන්දේනකුද හා නිශාංගනි සහෝදරිකුද ද යුතු පස්දෙනෙකු ගේ පවුලක තුන්වැන්නා විය.

අනුරාධ දූල්ලෑව විජයරත්න ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ද්විතීය අධ්‍යාපනය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් හා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන්ද ලැබීය.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා
අනුරාධ දූල්ලෑව විජයරත්න සමගින්

ජීවන සටහන්

[සංස්කරණය]

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා නිලධාරි ධුරය හා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ධුරය ද දැරූ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රංශයේ හා ඛුල්ගේරියාවේ පැවිති අන්තර් ජාතික මහා මණ්ඩල සැසිවාර ද ජපානයේ හා එක්සත් රාජධානියේ පැවිති ජාත්‍යන්තර සම්මේලන කිපයකම රාජ්‍යතාන්ත්‍රික නිලදූත සමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා රජය නියෝජනය කළේය.

දේශපාලන දිවිය

[සංස්කරණය]

විජයරත්න දේශපාලන දිවිය ඇරඹුණේ වර්ෂ 1984 දී එක්සත් ජාතික පක්‍ෂයේ සමවාදි ශිෂ්‍ය පෙරමුණේ දැදිගම ආසනයේ සංවිධායක ලෙසිනි. එම පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කල අතර වර්ෂ 1988 දි සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයෙකුද සහ දැදිගම සංවර්ධන සැලැසුම් කමිටුවේ සභාපති වශයෙන් ද සේවය කළාය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
හා ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා
අනුරාධ දූල්ලෑව විජයරත්න සමගින්

වැඩබලන දියවඩන නිලමේ

[සංස්කරණය]

මල්වතු හා අස්ගිරි දේ පාර්ශවයයන්හි ගෞරවනිය මහා නායක ස්වාමීන් වහන්සේලා ගේ නිර්දේශය මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් ඔහු හොබවා ඇත.

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

වර්ෂ 1985 දී දයාoගනි ගුණසේකර මෙනවිය සහ අනුරාධ විවාහ වූහ. ඔවුන් දෙපලගේ එකම දියණිය හෘද රෝග ‍විශේෂඥ වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න මෙනවියයි. ඇය එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ සේන්ට් ඡෝඡස්, ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ සේවය කරයි.[5][6][7][8][9][10][11]

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අනුරාධ දූල්ලෑව විජයරත්න
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?