For faster navigation, this Iframe is preloading the Wikiwand page for අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ප්‍රහාරය.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ප්‍රහාරය

2007 ඔක්‌තෝම්බර් මස 22 දා අළුයම එල්ලවූ මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් රුපියල් කෝටි 400 ක්‌ වටිනා ප්‍රහාරක හෙලිකොප්ටර් ඇතුළු ගුවන් යානා 16 ක්‌ මුළුමනින්ම විනාශ විය. එසේම ගුවන් යානා අංගනයේ නතර කර තිබූ තවත් යානා 6 කට බරපතල හානි සිදුවිය.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඉලක්‌කයක්‌වූ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා 27ක්‌ ස්‌ථානගත කර තිබීම හා තමන්ට ප්‍රහාර එල්ලවූයේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට බව කොටි දැන සිටියහ. එවන් පසුබිමක්‌ මැද ගුවන් හමුදා කඳවුරට ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ නොතිබූ බවද පසුව අනාවරණය විය.

වසර ගණනකට පෙර අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එල්ලවූ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයට පසු දෙවැනි වරටත් අනුරාධපුරයට එල්ලවූ විනාශකාරී ත්‍රස්‌ත ප්‍රහාරය මෙයයි.

අනුරාධපුර ප්‍රහාරයෙන් ගුවන් හමුදා බලඝණනායකයකු ඇතුළු 14 ක්‌ද කළු කොටි මරාගෙන මැරෙන ත්‍රස්‌තයන් 21 ක්‌ද මරුමුවට පත්වූහ.

✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈

එම ප්‍රහාරයෙන් දින 10 කට පසු වන්නියේ ධර්මපුරම් ප්‍රදේශයේ කොටි ශාලාවක උත්සවයක්‌ පැවැත්වුණි.මෙම කොටි ශාලාවට කොටි දේශපාලන නායක තමිල්සෙල්වන්, කොටි පොලිස්‌පති නඩේසන්, ටොසි බුද්ධි සේවයේ ප්‍රධානි, පොට්‌ටු අම්මාන්, ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනී සහ කොටි හමුදා නායකයන්වූ මනිවන්තන් සහ මනිදරයන්ද සහ වාන් පුලිගල් කොටි ගුවන් බලකායේ නායක ගුෂාන්තන් ඇතුළු පිරිසක්‌ පැමිණ සිටියහ.මෙම උත්සවයට රාත්‍රියේ පැමිණි ප්‍රභාකරන් අනුරාධපුර ප්‍රහාරයට සැලසුම් කළ සහ ඊට සහභාගිවී දිවි ගලවාගත් කොටින්ට තෑගි ප්‍රදානය කර ඇත.

💣💣💣💣💣💣💣💣💣💣💣

අනුරාධපුර ප්‍රහාරය සිදුවීමට පැයකට පෙර අනුරාධපුරයේ රුවන්වැලිසෑය ඇතුළු ප්‍රදේශය කොටි ත්‍රස්‌තයකු විසින් වීඩියෝ ගතකර තිබූ අතර ප්‍රහාරයේ දර්ශනද ලොව පුරා කොටි වෙබ් අඩවිවලින් විකාශය විය.

මෙම ප්‍රහාරයට කළුකොටි 27 ක්‌ සම්බන්ධ විය. තබෝරුබන් රාසවල්ලන් සමඟ රත්නම් මාස්‌ටර්, තමලිබන් මාස්‌ටර්, සුකලාරසන් සහ ජුට්‌ටයි නැමැති කොටි ත්‍රස්‌තයන් මන්නාරමේ සිට බපල් යුද රථයකින් මන්නාරම පල්ලමඩුවේ පිහිටි ප්‍රහාර එල්ල කිරීම පුහුණු කරන මධ්‍යස්‌ථානය වෙත පැමිණ ඇත. මෙම බෆල් රථයද යුද හමුදාවෙන් පැහැර ගත් රථයකි. පැය 2 ක්‌ තිස්‌සේ සිදුකළ පුහුණුවෙන් පසු කළු කොටි කණ්‌ඩායම අනුරාධපුර නුවර වැව සමීපයට ගෙන යන ලෙස තබෝරූබන්ට උපදෙස්‌ ලැබී ඇත.

එම උපදෙස්‌ මත තබෝරූබන් ඇතුළු පිරිස මල්වතුඔය සමීපයට පැමිණ ඇඳසිටි කොටි ඇඳුම් උනාදමා ගුවන් හමුදා නිළ ඇඳුම්වලට සමාන කැලෑ නිල ඇඳුමින් සැරසී තිබේ.

ඔවුන් එතැන් සිට මිහින්තලයේ තේක්‌ක කැලයට පැමිණ ඇත. මෙම කොටි ත්‍රස්‌ත කණ්‌ඩායමේ මැනවින් සිංහල කතාකරන ත්‍රස්‌තයකුද විය ජුට්‌ටා නමින් හැඳින්වූයේ එම ත්‍රස්‌තයායි. තේක්‌ක කැලයේ සිටි කොටි ත්‍රස්‌තයන්ට වනයේ දර කැඩීමට පැමිණි වයසක තැනැත්තෙක්‌ හමුවිය. තම පිරිස්‌ ගොවිතැන් කරන ගුවන් හමුදා පිරිසක්‌ බව ජුට්‌ටා එම තැනැත්තාට ප්‍රකාශ කර ඇත.

එහෙත් කළු කොටි පිරිස අතර සිටි කොටි කාන්තාවකගේ බෙල්ලේ සයනයිඩ් කරලක්‌ තිබෙනු දුටු එම වයසක තැනැත්තා කලබලයට පත්විය.

තම කොටි කණ්‌ඩායම කෙරේ එම තැනැත්තා සැකකරන බව ජුට්‌ටා නැමැති ත්‍රස්‌තයාට අවබෝධ විය. ඔහු විගස තමලිබන් නැමැති කොටියාට ඉඟියක්‌ කර ඇත. භට පිරිස ගොවිතැන් කරන ස්‌ථානය පෙන්නුම් කිරීමට යයි දක්‌වමින් වයසක තැනැත්තාව කැලයට ගෙනගිය තමිලිබන් ඔහුගේ හිසටවෙඩි දෙකක් තබා මරා හිස කපා ඔහු ඇදසිටි කලිසමෙන්ම ඔතා ගස්‌බෙනයකට දමා ඇත.

පසුදින තේක්‌ක කැළයට පැමිණ දර කපන්නන් පිරිසකට ගස්‌ බෙනයක තිබූ එම මිනිස්‌ හිස දැකගන්න ලැබී පොලිසියට දන්වනු ලැබීය. එහෙත් අනතුර තේරුම් ගැනීමට අනුරාධපුර බුද්ධි අංශවලට නොහැකිවිය. හිස කපා ගස්‌ බෙනයක දැමීම බරපතල සිද්ධියක්‌ වූවත් පරීක්‍ෂණ නතරවිය.

මෙම මිනිස්‌ ඝාතනය සිදුකළ කොටි කණ්‌ඩායම තේක්‌ක කැලෑවේ සිට ඔක්‌තෝම්බර් 21 දා නුවර වැව ප්‍රදේශයට පැමිණියහ. මේ වනවිට ප්‍රහාරය එල්ල කරන සැටි කොටි කණ්‌ඩායමේ සිටි ඉලංගෝ විසින් කියාදී තිබුණි.

ඔක්‌තෝම්බර් 22 වැනි අළුයම 1 වන විට තබෝරූබන් ඇතුළු කළුකොටි කණ්‌ඩායම නුවර වැව අසල තිබූ පිට්‌ටනිය හරහා ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයට අවතීර්ණ වී ඇත.

මේවන විට කොටි කණ්‌ඩායම ගුවන් හමුදා කඳවුරට උතුරැ දෙසින් පිහිටි නිවාස තුනක්‌ සමීපයට පැමිණි ත්‍රස්තවාදීන් අසල වත්තේ බිමදිගාවී සිටින අතර කම්බි වැට කපා ඇත්තේ තමාලින්බන්ය. කම්බිවැට ආවරණය කිරීමට තිබූ දැලෙහි තරමක් විශාල සිදුරක් කැපීමෙන් පසු කළු කොටි 18 ක්‌ එතනින් ගුවන් හමුදා කඳවුරු භූමියට ඇතුල් විය. මේ කළුකොටි කණ්‌ඩායම සිරුරු ආවරණ හෙවත් බොඩි ආමර් වලින් සැරසී සිටි බවද හෙලිවිය.

එම කළුකොටි කණ්‌ඩායම භාරව සිටියේ කනිතිරන් නැමැති කොටි බුද්ධි අංශයේ ක්‍රියාකාරියකු බව පසුව හෙලිවිය. කනිතිරන් මෙහිදී තබෝරූබන්ට පවසා ඇත්තේ ජුට්‌ටා සහ සුකලාරසන් සමඟ ආපසු යන ලෙසත් තමා මෙහෙයුම දියත් කරන බවත්ය.

එම උපදෙස්‌ මත තබෝරුවන් ඇතුළු තිදෙනා ආපසු යාමට සැරසෙන අවස්‌ථාවේ ගුවන් හමුදා බංකරයක්‌ තුළින් "කවුද ඔතන ඉන්නේ 'යයි විමසා ඇත.මින් කලබලයට පත්වූ කොටි එම ගුවන් හමුදා බංකරයට ,RPG ප්‍රහාරයක්‌ එල්ලකර එහි සිටි ගුවන් හමුදා භටයා මරා දැමූහ.

මේ ආර්. පී. ජී. ප්‍රහාරය එල්ලවූයේ පාන්දර 3.20 ට පමණය.දෙකට බෙදුනු කොටි කන්ඩායමේ වැඩි පිරිසක් ගුවන් යානා නවතා ඇති අංගන,කදවුරේ ප්‍රධාන ගුවන් ප්‍රහාරක අවිය රදවා ඇති දිශාවට ගමන් කළේය.ඒ වන විට වීමන් නැමැති කළු කොටි ප්‍රධානියාගේ කණ්‌ඩායම ගුවන් හමුදා අංගනය වෙත පැමිණ නතර කර තිබූ MI - 24 ප්‍රහාරක හෙලිකොප්ටරයකට ප්‍රහාර එල්ලකර එය විනාශ කළහ.

වීමන් මේ බව තබෝරවන් සතුව තිබූ පණිවුඩ යන්ත්‍රයට දන්වා තිබුණි.MI-24 හෙලිකොප්ටරය විනාශ කිරීමේ සිද්ධිය තබෝරූබන් විසින් විගස සිය චන්ද්‍රිකා දුරකථනයෙන් තමිල්මාරන් මාස්‌ටර් ගාමාජි කොටි ප්‍රහාර සැලසුම්කරන්නාට දන්වා ඇත. ඇටෑක්‌ එක ආරම්භ වුණා.ෆලයිට්‌ දෙක එවන්න යයි තබෝරූබන් විසින් තමිල්මාරන් මාස්‌ටර්ට ප්‍රකාශ කර තිබේ.ෆලයිට්‌ දෙක යයි ඔහු පවසා ඇත්තේ ස්‌ලින් වර්ගයේ කොටි ගුවන්යානා දෙකටය.

ඒ සමග ගුවන් ධාවන පථය දෙසට ගමන් කල ත්‍රස්තවාදීන් RPG , MPMG අවි වලින් නවතා තිබූ ගුවන් යානා වෙත ප්‍රහාර එල්ල කලේය.එම යානා පුපුරා යද්දී ගුවන් හමුදා සෙබළුන්ද සටනට අවතීර්ණ විය.එවිට ප්‍රධාන ගුවන් යානා නාශක අවිය අත්පත් කරගත් ත්‍රස්තවාදීන් පේනමානයේ තිබූ සියළු ගුවන් යානා වෙත වෙඩි තබන්නට වූහ.

ප්‍රහාර ඇරඹෙත්ම කදවුරේ රේඩාර් පද්ධතිය හා ගුවන් ආරක්ෂක පද්ධතිය භාරව කටයුතු කල පියාසර ලුතිනන් රැවන් විජේරත්න තම භට නිවස්නයේ සිට තම සහයක භටයා වෙඩි ප්‍රහාර එල්ලවන දෙසට නොයන ලෙස පවසද්දීත් රේඩාර් මධ්‍යස්ථානය වෙත දුවඑන අතර ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය.

මේ අතර ගුවන් පථයට දකුණින් පැමිණ ගුවන් පථය හරහා ගමන් කරන කොටි කන්ඩායමකට ගුවන් සෙබළුන් එල්ල කල ප්‍රහාරයකින් ත්‍රස්තවාදීන් කිහිපදෙනක් මියගිය අතර මරාගෙන මැරෙන බොම්බ කට්ටලයක්ද පුපුරා ගියේය.

තවත් ත්‍රස්තවාදීන් පිරිසක් වම්පසින් නවතා තිබූ PT-06 වර්ගයේ ගුවන් නියමු පුහුණු යානා දෙකකට RPG ප්‍රහාර එල්ල කලේය.එම පිපිරීමෙන් අසල තිබූ යානා කිහිපයකටම අලාභහානි සිදුවිය.දකුණු දෙසින් ආ කොටි කන්ඩායම හෙලිකොප්ටර් අංගනය වෙත කඩාවැදී එල්ල කල RPG ප්‍රහාරයෙන් MI-17 හෙලිකොප්ටරය විනාශ විය.වටිනාම ගුවන් යානය වූ බීච් ක්‍රාෆ්ට් යානය හා K8 ගුවන් යානය විනාශ කලේ ඉන් අනතුරුවය.RPG ප්‍රහාර එල්ල කරමින් ගුවන් යානා විනාශ කල ත්‍රස්තයින් හෙලිකොප්ටර් අංගනයකට දකුණු පසින් වූ බංකරයක් අල්ලා ගත්තේය.

මේ වනවිට ⁣අළුයම 4පමණ විය.කොටින්ගේ ගුවන් යානා දෙකක් පැමිණ කදවුරට බෝම්බ හතරක් හෙළුවද ඒවා ඉලක්ක ගත කිරීමට කොටි ගුවන් නියමුවන්ට නොහැකි විය.අවට හමුදා කදවුරැවලින් වලින් එල්ල වූ ගුවන් යානා නාශක අවි ප්‍රහාර වලින්ද ගැලවුන ත්‍රස්තවාදී ගුවන් යානා දෙක නිරැපද්‍රිතව පලා ගියේය.

මේ සිදුවීම අතර BELL-212 හෙලිකොප්ටර් යානයක් වව්නියාව ගුවන් හමුදා කදවුරේ සිට පැමිණෙමින් තිබියදී මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේදී විනාශ විය. * (මේ ගැන වෙනම ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.)

විශේෂ බළකායේ කපිතාන් කෝසල විජේකෝන් ගේ අනදීම යටතේ විශේෂ බලකා අටදෙනනගේ කන්ඩායමේ තුනක් WMZ-55B යුධ ටැංකි තුනකින් පැමිණ හෙලිකොප්ටර් යානා අංගනය අසල ත්‍රස්තවාදීන් අල්ලා ගෙන සිටි බංකර තුනට ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීය.සාළියපුර යුධ හමුදා කදවුරේ සෙබළුන් 150ක් පමණ ත්‍රස්ත ප්‍රහාරය මැඩලීමට සහය දැක්වීමට පැමිණ තිබුණේය.

මේ සටන අතර ගුවන් හමුදා කදවුරේ තිබූ කොහොඹ ගසකට නැගගත් කොටි ත්‍රස්තවාදියෙකු එල්ල කල ස්නයිපර් ප්‍රහාරයකින් පියාසර නිලධාරී SR සියබලාපිටිය හා ගජබා කදවුරේ සිට සහායට පැමිණි කෝප්‍රල් රත්නායක දැයෙන් සමුගත්තේය.විශේෂ බලකායේ සෙබළුන් එම ත්‍රස්තවාදියා මරා දැමීය.

🔥 🔥 මෙමෙ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ ගිණි නිවාරන අංශයේ සේවයේ නියුතුව සිටි බලපන්ති සැරයන් PARGP අස්වැද්දුම හා කෝප්‍රල් HGND ප්‍රනාන්දු ඇතුළු කන්ඩායම ප්‍රහාරයට ලක්ව ගුවන් යානා අංගනය තුළ ගිනිගනිමින් තිබූ යානා අතර තිබූ බීච් ක්‍රාෆ්ට් යානය ගින්නෙන් විනාශ වීම වලක්වා ලීමට LTTE ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාර වර්ෂාව මධ්‍යයේ දැඩි ප්‍රයත්නයක නිරත විය.

ගිනි නිවන රථය ගිනි ගනිමින් පැවති යානා අසලටම ධාවනය කර ගින්න වියාප්ත වීම වැලැක්වීම සිදුකරමින් සිටියදී බලපන්ති සැරයන් අස්වැද්දුම ත්‍රස්තවාදීයෙකු එල්ල කල ස්නයිපර් ප්‍රහාරයකට ලක්වූ අතර කෝප්‍රල් ප්‍රනාන්දු තමන්ටත් එම ඉරණමම අත්වන බව දැනගෙනම ගුවන් යානා ගින්නෙන් විනාශ වීම වැලැක්වීමට ක්‍රියාකරන ලදී.ඔහුටත් වැඩි වේලාවක් තම රාජකාරිය ඉටු කිරීමට ⁣ත්‍රස්තවාදීන් ඉඩ තැබුවේ නැත.ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරු වූ ඔහුද මරුමුවට පත්විය.

උදෑසන 09.45 පමණ වනවිට LTTE ත්‍රස්තවාදීන් සියළුදෙනා මරාදමා ගුවන් කදවුරේ බලය තහවුරු කරගැනීමට හමුදාවනට හැකිවිය.මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් හය දෙනෙකු බෝම්බ පුපුරුවාගෙන තිබුනි.

මෙම ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් සියළුදෙනා නවීන අවි ආයුධ හා උපකරණ වලින් සන්නද්ධව පැමිණ ඇත.මෙම භාණ්ඩ අතර LTTE සංවිධානයේ කොඩියක්ද තිබී ඇති අතර එය ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුර ගුවන් හමුදා කදවුර අත්පත් කරගැනීමෙන් පසුව කදවුර තුළ එසවීමට ගෙනආ බව අනුමාන කලහැකිය.ප්‍රහාරය අවසන්වන තෙක්ම චන්ද්‍රිකා දුරකථන හරහා වන්නියේ ත්‍රස්ත නායකයින් සමග සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ප්‍රහාරය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?