For faster navigation, this Iframe is preloading the Wikiwand page for අනාමිකා.

අනාමිකා

අනාමිකා/ නී එංගේ එන් අන්බේ
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයසේඛර් කම්මුලා
තිර රචනයසුජෝයි ඝෝෂ්
(මුල් තිරරචනය)
සායි ප්‍රසාද්
(අනුවර්තිත තිරරචනය)
කතාවස්තුවසුජෝයි ඝෝෂ්
අද්වෛතා කාලා
නිශ්පාදනයදීපක් ධාර්
සමීර් ගෝගතේ
රාජ්නීෂ් ඛනූජා
සමීර් රාජේන්ද්‍රන්
රංගන ශිල්පීන්නයන්තාරා
පසුපති
වෛභාව් රෙඩ්ඩි
හර්ෂ්වර්ධන් රානේ
සිනෙමාරූපණයවිජයි සී. කුමාර්
සංස්කරණයමර්තාණ්ඩ් කේ. වෙන්කටේෂ්
සංගීතයඑම්. එම්. කීරවානි
Production
companies
ලොග්ලයින් ප්‍රොඩක්ෂන්ස්
සිලෙක්ට් මීඩියා හෝල්ඩිංස්
බෙදාහැරීමවයාකොම් 18 මෝෂන් පික්චර්ස්
නිකුත්වූ දිනය
  • 1 මැයි 2014 (2014-05-01)[1]
තිර කාලය
මිනිත්තු 145
රටඉන්දියාව
භාෂාතෙලිඟු
දෙමළ
පිරිවැයINR9 කෝටි (US$1.4 මිලියන)
ආදායමINR28 කෝටි (US$4.4 මිලියන)

අනාමිකා / නී එංගේ එන් අන්බේ යනු සේඛර් කම්මුලා විසින් අධ්‍යක්ෂණය කරන ලද 2014 තෙලිඟු-දෙමළ ද්වීභාෂා සංත්‍රාස චිත්‍රපටයකි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නයන්තාරා විසිනි.[3] මෙම චිත්‍රපටය කහානි හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.[4][5]

කථාපුවත

[සංස්කරණය]

හයිදරාබාදයේ පීපල්’ස් ප්ලාසාවේ බෝම්බ පිපිරීමක් ඇතිවේ. මාස 6කට පසුව, තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වන අනාමිකා (නයන්තාරා) හයිදරාබාදය වෙත පැමිණෙන්නේ සිය අතුරුදන් සැමියාව සොයමිනි. හයිදරාබාදයට පැමිණි විගස ඇය පොලිස් ස්ථානය වෙත යන්නේ පැමිණිල්ලක් කිරීමටයි. පොලිස් නිලධාරීන් ඇය කෙරෙහි අවධානය යොමු නොකරන අතර, ඇය ක්ලාන්ත වී ඇද වැටෙයි. සාරතී (වෛභාව් රෙඩ්ඩි) නම් එක් පොලිස් නිලධාරියෙක් ඇයට උදව් කිරීමට ඉදිරිපත් වන්නේ ඇය පැමිණ ඇත්තේ විශාල හේතුවක් නිසා බව වටහා ගනිමිනි; ඇගේ අතුරුදන් සැමියා සෙවීමේ කටයුතු ඇරඹේ. ඇය සිය සැමියා අවසන් වරට නැවතී සිටි හෝටලය වෙත යයි. එහි නැවථී සිටින අතරතුර, ඇය රාජු නම් කුඩා දරුවා සමග මිතුරු වේ.

සිය සැමියා සොයමින් ඇය සාරතී සමග විවිධ ස්ථාන කරා යයි. එක් ස්ථානයක දී ඇය සොයාගන්නේ ඇය ඉන්දියාවට පැමිණීමට සති 2කට පෙර ඇගේ සැමියා රැකියාවෙන් ඉල්ලා අස්වී ඇති බවයි. ඇය මස්ජිදයකට යන අතර, එහි ප්‍රධාන පූජකයා ඇයට යමක් පැවසීමට තැත් කරයි. නමුත් මඳ දිනකින් ඔහු ඝාතනයට ලක්වේ. විවිධ ස්ථාන වෙත යමින් ඇය සිය සැමියා සොයා යයි. එක් අවස්ථාවක දී පොලිස් පරීක්ෂකවරයා ඇයට යෝජනා කරන්නේ තමන් සමග සිය නවාතැන්පළට පැමිණියහොත්, තමන් ඇයට සැමියා සොයාගැනීමට උපකාර කරන බවයි. අනාමිකා ඔහුව ප්‍රතික්ෂේප කරයි. පරීක්ෂකවරයා අනාමිකාට නවාතැන්පළට පැමිණීමට පැවසූ වේලාව වන විට ඔහු ද අබිරහස් ලෙස ඝාතනය වේ. ඔහුව ඝාතනය වීමට හේතුව ඔහු අනාමිකාගේ සැමියා සිටි ස්ථානය දැන සිටීම යැයි විශ්වාස කෙරේ.

අනාමිකා කිසියම් දෙයක් සඟවන බව වටහාගන්නා පොලීසිය සාරතීට ඇගේ කටයුතුවලට සම්බන්ධ නොවන ලෙස නියෝග කරයි. මෙම කුමන්ත්‍රණයේ සැලසුම පිළිබඳ හෙළි කරගැනීමට අනාමිකා අසන්න වන විට, ඇය ද තෙවන මිනීමැරුමේ ඉලක්කය බවට පත්වේ. බෝම්බ පිපිරුම පිළිබඳ විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරියකු වන ඛාන් (පසුපති) අනාමිකාට පවසන්නේ ඇගේ සැමියාගේ පෙනුම පීපල්’ස් ප්ලාසාවේ බෝම්බ පිපිරුමේ ප්‍රධාන සැකකරු වන මිලන් දාම්ජි නම් ත්‍රස්තවාදියාට සමාන බවයි. නමුත් බෝම්බ පිපිරුම වන සමයේ සිය සැමියා තමන් තමග සිටි බවට සාක්ෂි ඇය ඉදිරිප්ත කරයි. එම රාත්‍රියේ ඝාතකයා අනාමිකාව ඝාතනයට පැමිණෙයි. නමුත් මීමැස්සන්ගේ ප්‍රහාරයට ලක්වන ඔහු පැන දුවයි.

මෙම සියලු සාක්ෂි අනුව අනාමිකා සිය සැමියා සහ සත්‍යය හෙළිකරගන්නා අයුරු තවදුරටත් කථාවෙන් නිරූපණය වේ.

චරිත නිරූපණය

[සංස්කරණය]
  • නයන්තාරා, අනාමිකා ලෙස
  • වෛභාව් රෙඩ්ඩි, පාර්තසාරතී ලෙස
  • පසුපති, ඛාන් ලෙස
  • හර්ෂ්වර්ධන් රානේ, අජෙයි ලෙස
  • විනයි වර්මා, රවී චන්ද්‍ර ලෙස
  • නරේෂ්, ස්වදේශ කටයුතු අමාත්‍ය ලෙස
  • ශ්‍රී රංජනී

නිෂ්පාදනය

[සංස්කරණය]

නයන්තාරා සමග නව මුහුණවරකින් යුතුව සේඛර් කම්මුලා සිය දෙමළ සහ තෙලිඟු ද්වීභාෂා චිත්‍රපටය ඇරඹූයේ අප්‍රේල් 28 දින හයිදරාබාදයේ ය. මුලින් මෙහි ප්‍රධාන කාන්තා චරිතයට යොදා ගැනීමට අධ්‍යක්ෂකවරයා තීරණය කොට තිබුණේ අනුෂ්කා ෂෙට්ටි නිළියයි. නමුත් අනුෂ්කා ෂෙට්ටි එය ප්‍රතික්ෂේප කළේ මෙම චිත්‍රපටයේ දින ඇගේ සෙසු ව්‍යාපෘතිවල දින සමග ගළපාගත නොහැකි වූ හෙයිනි.[6] නයන්තාරාහට බැඳි පිටපත සහ වස්ත්‍ර ලබාදෙන ලදී. මෙම චිත්‍රපටයේ ඇය නවතව මුහුණවරකින් පෙනී සිටින අතර, ඇය ඒ සඳහා ප්‍රමාණවත් දින ලබා දී තිබිණි. මෙහි ඇගේ චරිතය වූයේ ‘අනාමිකා’ නම් චරිතයයි. චිත්‍රපටයේ සම-නිෂ්පාදනය සිදුකරන ලද්දේ එන්ඩිමොල් ඉන්ඩිටා, ලොග්ලයින් ප්‍රොඩක්ෂන්ස් සහ සිලෙක්ට් මීඩියා හෝල්ඩිංස් යන ආයතන විසිනි.[7]

මෙහි ඉරිදා රූගත කිරීම් හයිදරාබාදයේ පැරණි නගරයේ සිදු විය. මෙහි මුල් චිත්‍රපටය කොල්කතා නගරය වෙනුවට සේඛර් පැරණි නගරය මෙහි පසුතලය ලෙස තෝරාගත්තේ ය.[8]

පැරණි හයිදරාබාදයේ අඛණ්ඩව දින 50ක් රූගත කිරීම් කොට ව්‍යාපෘතිය අවසන් කිරීමට සේඛර් සැලසුම් කොට තිබිණි. සම්මුඛ සාකච්ඡාවක දී සේඛර් පවසා තිබුණේ: "මෙම නමක් නොයෙදූ චිත්‍රපටය ද්වීභාෂා එකක් බැවින්, රූගත කිරීම් ඇරඹීමට ප්‍රථම අපට කළ යුතු කාර්යයන් රැසක් විය. මට මෙම ව්‍යාපෘතිය වෙත සම්පූර්ණ අවධානය යොමු කිරීමට සිදුවූ අතර, එය ප්‍රාදේශීය පරිසරයට ගැළපෙන පරිදි අනුවර්තනය කරන ලදී." [9][10]

මුදාහැරීම

[සංස්කරණය]

විචාරක පිළිගැනීම

[සංස්කරණය]

නී එංගේ එන් අන්බේ චිත්‍රපටයට තරු 3ක් ලබාදුන් රෙඩිෆ් සඳහන් කොට තිබුණේ "කහානි දැවැන්ත සාර්ථකත්වයක් ලද නිසා මෙම ප්‍රතිනිර්මාණය කෙරෙහි බොහෝ අපේක්ෂා පැවතිණි. අවසනාවට, නී එංගේ එන් අන්බේ එම ලීගයටම අයත් නොවේ". [තහවුරු කර නොමැත] ඩෙකෑන් ක්‍රෝනිකල් පුවත්පත සඳහන් කොට තිබුණේ "කහානි නරඹා නොමැති අයකුට ලකුණු 10න් 10ක් ලබාදිය හැකි උචිත චිත්‍රපටයක් වන මෙය හොඳ ප්‍රතිනිර්මාණයකි".[11] මෙයට 4/5ක් ලබාදුන් සයිෆි සඳහන් කළේ "නී එංගේ එන් අන්බේයෝග්‍ය ත්‍රාසකයක මුහුණුවරක් ඇති අතර, නයන්තාරාගේ විශිෂ්ට රංගනයෙන් එය හැඩ වී ඇත. තාක්ෂණිකව ද විස්මිත නිර්මාණයක් වන මෙය එම්. එම්. කීරවානිගේ විශිෂ්ට පසුබිම් ස්වරාමාලාවන්ගෙන් ද, විජෙයි සී. කුමාර්ගේ කැමරාකරණයෙන් ද ඔප්නැංවී ඇත."[12] හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කොට තිබුණේ "නී එංගේ අඑන් අන්බේ හි කතාපුවත සහ ඉදිරිපත් කෙරෙන විලාසය කහානි සේම මා දැඩි ග්‍රහණය කරගත්තේ ය. දෙමළ චිත්‍රපටය ද මනාව ගොඩනංවා ඇත. මෙය නියපොතු-සැපෙන තරමේ ත්‍රාසකයක් නොවූව ද, සිත්ඇදගන්නාසුලු ය. මෙහි උදාසීන අවස්ථාවක් මට හමුනොවී ය". එම පුවත්පත මගින් මෙයට තරු 5න් 3ක් ලබා දී තිබිණි.[13]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Nayanthara's Anaamika Movie Release Poster". සම්ප්‍රවේශය 14 April 2014.
  2. ^ http://timesofindia.indiatimes.com/entertainment/tamil/movies/news-interviews/New-title-for-Nayantharas-next-film/articleshow/30113164.cms
  3. ^ Nayanatara's Anamika first look poster
  4. ^ "Vishwa Teja for Nayanathara's 'Anamika'". indiaglitz.com. සම්ප්‍රවේශය 3 June 2013.
  5. ^ Nayanthara’s Anamika trailer launch tomorrow, http://articles.timesofindia.indiatimes.com/2014-01-29/news-interviews/46781835_1_sekhar-kammula-next-film-harshvardhan-rane, ප්‍රතිෂ්ඨාපනය 2017-10-09 
  6. ^ "Nayan or Anushka for Kahaani remake?". The Times of India. සම්ප්‍රවේශය 3 June 2013.
  7. ^ "Nayanthara to do a Vidya Balan". The Times of India. සම්ප්‍රවේශය 3 June 2013.
  8. ^ "Nayantara steps into the shoes of Vidya Balan". Oneindia.in. සම්ප්‍රවේශය 3 June 2013.
  9. ^ "Anamika Telugu Movie Review". AP Today. සම්ප්‍රවේශය 1 May 2014.
  10. ^ Anaamika Telugu Movie Review සංරක්ෂණය කළ පිටපත 2014-05-02 at the Wayback Machine Tollywood10.com. Retrieved 1 May 2014.
  11. ^ http://www.deccanchronicle.com/140503/entertainment-movie-review/article/movie-review-nee-enge-en-anbe-refreshingly-diverse-kahaani
  12. ^ http://www.sify.com/movies/nee-enge-en-anbe-review-tamil-15054331.html
  13. ^ "Archived copy". 8 May 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-08. ((cite web)): |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අනාමිකා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?