For faster navigation, this Iframe is preloading the Wikiwand page for අධි - විභේදන රූපවාහිනී.

අධි - විභේදන රූපවාහිනී


අධි - විභේදන රූපවාහිනී යනු

[සංස්කරණය]

අංකික රූපවාහිනි ප්‍රචාරණ පද්ධතියකි. මෙයට සාම්ප්‍රදායික රූපවාහිනි පද්ධති (NTSC, SECAM, PAL) වලට වඩා වැඩි ‍විභේදනයක් ඇත. ප්‍රමාණවත් වීඩියෝ සංකෝචනයක් භාවිත කලහොත් අඩු කලාප පළලක් අවශ්‍යය වන නිසා HDTV අංකිතව ප්‍රචාරණය කෙරේ.

අධි-විභේදන රූපවාහිනීවල ඉතිහාසය

[සංස්කරණය]

අධි-විභේදන යන යෙදුම බ්‍රිතාන්‍යයේ 1930 හා 1940 යුග වලදී භාවිතයට පටන් ගත්, 405 තීරු කලු-සුදු රූපවාහිනී පද්ධති විස්තර කිරීමට භාවිතා කරන ලදී. අද වනවිට ඇමරිකානු 525-තීරු NTSC පද්ධතිය හා යුරෝපානු 625-තීරු PAL හා SECAM පද්ධති සම්මත විභේදන ලෙස හඳුන්වයි. ප්‍රංශ 819-තීරු කලු සුදු පද්ධති අධි-විභේදන ලෙස කලින් සැලකුවද, 1986 පසු ‍එලෙස හඳුන්වන්නේ නැත.

1958 දී යුධමය අවශ්‍යතා සඳහා සෝවියට් සංගමය මඟින් 1125 තීරු විභේදනයක් සහිත රූපවාහිනී පද්ධතියක් නිපදවන ලදී.

1969 දී ජපන් ප්‍රචාරක NHC මඟින් පළමු 5:3 දෘෂ්ටි අනුපාතයක් සහිත පාරිභෝගික අධි-විභේදන රූපවාහිනිය නිපදවන ලදී. ඇමරිකාවේ පළමු 5:3 අනුපාතයක් ඇති රූපවාහිනී පද්ධතිය 1981 දී ප්‍රදර්ශණය කරන ලදි.

1983 දී අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය මඟින් වැඩකරන පාර්ශවයක් HDTV අන්තර්ජාතික සම්මතයක් බිහිකිරීමේ අරමුණින් පිහිටවන ලදී.

මෙමඟින් කල එක් නිර්දේශයක් 16:9 අනුපාතයක් සහිත නිරූපිත වර්ණමිතියක් ඇති, 1080i (1080 සක්‍රීය ලෙස අතුරු ලියු තීරු ඇති විභේදනයක් ඇති) ප්‍රස්තාරිත විධියක් ඇති HDTV සම්මතයයි. එයට වෛකල්පිත 1440 x 1152 HDMAC ප්‍රස්තාරික විධියද අනුයුක්තය.

ඇමරිකා එක්සත් ජනපදයේ අධි-විභේදන රූපවාහිනී(HDTV) තාක්ෂණය 1990 දී පමණ ඩිජිටල් HDTV ග්‍රෑන්ඩ් අලායනස් මඟින් හඳුන්වාදෙන ලදී. යුරෝපයේ ප්‍රතිසම 1.125-තීරු HD MAC පිළිබඳ පරීක්ෂණ ප්‍රචාරණ 1990 සිදුකලද, මහජන ප්‍රචාරණ සේවයක් දක්වා එය දියුණු නොවිණ.

ජපානය සාර්ථක ලෙස ප්‍රතිසම HDTV ප්‍රචාරණය කරන ලොව එකම රටයි. එම පද්ධතිය අධි-දෘෂ්ටි" (High Vision) ලෙස හඳුන්වන අතර, එයට 5:3 අනුපාතික, 1.125 අතුරු ලියු තීරු, 60 ක්ෂේත්‍ර/තප්පරයට සහිත පද්ධතියක් අඩංගු වේ.

වර්තමාන HDTV ප්‍රචාරණ සම්මත වන්නේ ATSC (ඇමරිකාව) හා DVB (යුරෝපය හා අනිකුත් බොහෝ රටවල්) යන ඒවාය. HDTV වලට 5:1 චැනල නාද ශ්‍රව්‍යය පද්ධති සැපයිය හැක. උදාහරණ ඩොලිබි අංකිත (AC-3) ආකෘතිය.

පටිගත කිරීම හා සම්පීඩනය

[සංස්කරණය]

HDTV, D – VHS (data VHS) ට, W – VHS (ප්‍රතිසම පමණි) ට, HDTV සහිත ඩිජිටල් වීඩියෝ පටිගත කිරීම් යන්ත්‍ර වලට (උදාහරණ ලෙස DirecTV ගේ HD ඩිජිටල් වීඩියෝ පටිගතකරණය, Sky HD ගේ set-top box, Dish ජාලයේ VIP 622 හෝ VIP 722 HD ඩිජිටල් වීඩියෝ පටිගතකරණ ආදායක හෝ TiVo ගේ 3 ශ්‍රේණිය හෝ HD පටිගතකරණ යන්ත්‍ර) හෝ HDTV-සහිත HTPCවලට පටිගත කළ හැකිය. සමහරක් රැහැන් පෙට්ටි HD TV ආකාරයෙන් විකාශන දෙකක් එකවර පටිගත කිරීමේ පහසුකම්වලින් යුක්ත වේ. තවද ඒවා HDTV ක්‍රමලේඛනය කිරීම්වලින් යුක්ත වේ. සමහරක් ඒවා නිදහස් වන අතර සමහරක් ඒවා යම් මුදලකට මිළ දී ගත යුතු අතර ඒවා රැහැන් සමාගමේ ඉල්ලුම මත සැපයීමේ අංගය යටතේ ධාවනය කිරීම සිදු කළ හැක. සම්පීඩනය නොවූ ප්‍රවාහ ලබා ගැනීම සඳහා අවශ්‍ය අතිශය විශාල දත්ත ගබඩා ප්‍රමාණය, පාරිභෝජක වෙළෙඳ පොළ තුළ සම්පීඩනය නොවූ ගබඩා කිරීමේ ක්‍රමය තවත් කාලයක් යනතුරුත් දක්නට නොලැබීමට හේතුවක් වනු ඇත. සම්පීඩනය නොවූ ඩිජිටල් HDTV සංඥාවක රියල් ටයිම් MPEG-2 සම්පීඩනයක් වර්තමානයේ පාරිභෝජක වෙළෙඳ පොළට නොගැලපෙන තරම් මිලකින් යුක්ත වේ. නමුත් වසර කිහිපයක් තුළ මෙහි මිල අඩු විය යුතුය. (කෙසේ නමුත් මෙය පටිගත කිරීමේ HDTV වලට වඩා HD කැම් කෝඩරවලට අදාළ වූ) W-VHS පටිගත කිරීමේ යන්ත්‍ර වැනි ප්‍රතිසම HD සංඥ පටිගත කිරීම් කලාප පුළුල් පහසුකම්වලින් යුත් ප්‍රතිසම පටිගත කිරීමේ යන්ත්‍ර තවදුරටත් පාරිභෝජක වෙළඳපොළ සඳහා නිෂ්පාදනය නොවෙන අතර ද්විතීක වෙළඳ පොළෙහි මිළෙන් වැඩි හා දුර්ලභ පටිගත කිරීමේ යන්ත්‍රද වේ.

එක්සත් ජනපදයේ FCC යේ plug and play එකඟතාවයේ කොටසක් ලෙස රැහැන් සමාගම් ගැණුම්කරුවාගේ ඉල්ලුම මත ඔවුන් විසින් මිලදී ගන්නා HD Set-top බොක්ස් එකක් සමඟ ක්‍රියාකාරී Firewire (IEEE 1394) ලබා දිය යුතුය. ඍජු චන්ද්‍රිකා විකාශකයන් එක් අයෙක්වත් මෙම අංගය ඔවුන්ගේ බොක්ස්වල ලබා දී නොමැති නමුත් සමහරක් රැහැන් රූපවාහිනී ආයතන මඟින් එය ලබා දී තිබේ. 2004 ජූලි මාසයේ දී මෙන් FCC මැන්ඩේටේන් එම බොක්ස් ඇතුළත් වී නොතිබිණි. මෙම අන්තර්ගතය 5C ලෙස හැඳින්වෙන සංකේතනයක් මඟින් ආරක්ෂා කර ඇත. එම සංකේතනය මඟින් අන්තර්ගතය පිටපත් කිරීම වැළැක්වීම හෝ අනුමත පිටපත් කිරීම සීමා කළ හැකිය. එමනිසා මෙමඟින් කාර්යක්ෂමව අන්තර්ගතයේ සාධාරණ භාවිතය බොහෝ දුරට හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

අධි විභේදන රූපවාහිනි (HDTV) - ප්‍රචාරක ස්ථාන ආකෘති වි‍මර්ශනය

[සංස්කරණය]
HDTV විභේදනය
SDTV විභේදනය


සම්මත-විභේදන රූපවාහිනී (SDTV) වලට වඩා අඩුම තරමින් දෙගුණයක රේඛිය විභේදනයක් අධි විභේදන රූපවාහිනි (HDTV) වලට තිබේ.එබැවින් සාමාන්‍යය DVD හෝ ප්‍රතිසම (Analog) වලට වඩා රූපවාහිනි වැඩි විස්තර සපයයි.අධි විභේදන රූපවාහිනි (HDTV)සම්ප්‍රේෂණයේ දී තාක්ෂණික සම්මත 16:9 දර්ශනානුපාතය "letterboxing" හා විරූපිත ඇදීම් වලින් තොරව ‍හසුරුවන බැවින් කාර්යක්ෂම රූප විභේදන වැඩිවීමක් ඇතිකෙරේ.


ප්‍රචාරණයට සුදුසුම ආකෘතිය වන විඩීයෝ ග්‍රාපිත රූප සැටහිම්, මාධ්‍යය වර්ගය හා රූප ලක්ෂණ මත රදා පවතී. ක්ෂේත්‍ර හා රාමුවල ශීඝ්‍රතාවය, ප්‍රභව හා විභේදන සමඟ ගැලපිය යුතුය. වඩා නිවැරදිව සම්ප්‍රේෂණය කිරීමට නම් තිබෙන කලාප පළලට වඩා වැඩි කලාප පළලක් ඇති අධි විභේදන ප්‍රභවයක් අවශ්‍යය විය හැකිය. සංකෝචිත නොවූ ප්‍රභව හා සැසඳීමේදී, අධි විභේදන රූපවාහිනිවල (HDTV), සංචිත හා සම්ප්‍රේෂණ පද්ධති භාවිතයේ දී සිදු වන හානි නිසා (lossy compression) සංකෝචනයෙන් ලැබෙන රූප විකෘති කෙරේ.

අධි විභේදන රූපවාහිනිවල (HDTV) අවාසි

[සංස්කරණය]

භාවිතයේදි හැකි උපරිම ආකාරයෙන් අධි විභේදන (HD) තත්ත්වයක් සාමාන්‍යයෙන් මුදුන් පමුණුවාගත නොහැකිය. ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ මෙහෙයුම්කරුවන් HDTV නියමාවලි සම්පුර්ණයෙන්ම අනුගමනය නොකිරීමයි. මෙහෙයුම්කරුවන් මුල් නිපැයුම් ආකෘතියෙන් වෙනස්වන ආකෘති භාවිතය නිසා නැවත- කේතීකරණ ක්‍රියාවලියේ උත්පාදන අඩුවීමක් විය හැකිය. තවද මෙහෙයුම්කරුවන් වැඩිපුර නාලිකා (channels) ගණනක් සීමිත කලාප පළලක (band width) ඇසුරුම් කිරීමට, අඩු මාත්‍රා ශීඝ්‍රතාවයක් (bit rate) හා වෙන්කිරීමක් (resolution) උපයෝගී කරගන්නවා විය හැකිය. රූපවාහිනී යන්ත්‍රය නිවැරදිව යෙදවුම් උපකරණයට (input device) සම්බන්ධ කර නොමැති විට හෝ නිවැරදිව හැඩගස්වා (configure) නොමැති විටද, රූප තත්ත්වයේ අඩුවීමක් විය හැකිය. මෙම සම්බන්ධතාවයන් පිළිබඳව පාරිභෝගික ව්‍යාකූලතාවය මෙම දුෂ්කරතාවයන් වර්ධනය කරයි.


බොහෝ විට ඔබට HDMI කේබල හා සම්බන්ධක කේබල වැනි සුදුසු කේබල මිලදී ගැනීමට සිදුවිය හැකිය. මේවා මිලෙන් අධිකය. උදාරහණයක් ලෙස, සංයුක්ත හෝ S-දෘශ්‍ය (S-video) කේබල භාවිතා කළහොත් SDTV තත්ත්වයේ රූප නැරඹිය හැකිය. HDMI රූප තත්ත්වයෙන් හා නාද තත්වයෙන් වැඩිම වුවත් එය සංයුක්ත කේබල වලට වඩා මිලෙන් අධිකය.


අධි විභේදන (High-definition) වීඩියෝ අංකිත වීම නිසා, අංකිත වීඩියෝ ප්‍රචාරණයේ අවාසිද, අමතරව එකතුවීම සිදුවේ. උදාහරණයක් ලෙස, අංකිත (digital) වීඩියෝ, සමීප (Analogue) වීඩියෝවලට වඩා වෙනස් ආකාරයට බාධා වලට ප්‍රතික්‍රියා දක්වයි. සමීප (Analogue) වීඩියෝ බාධා ඉදිරියේ අඩුතත්ත්වයේ සංඥා නිකුත් කරන අතර, අංකිත වීඩියෝ බාධා ඉදිරියේ ප්‍රචාරණය තාවකාලිකව නැවතීම, සංඥා පැනීම හෝ වැරදි දත්ත ප්‍රචාරණය සිදුකරයි.


HDTV නැරඹීමට නම්, නරඹන්නන්ට තමන්ගේ රූපවාහිනි යන්ත්‍රයට මිලක් ගෙවා උත්ශ්‍රේණිකරණය කරගත යුතු වේ. අලුත් දර්ශන අනුපාතයක් එකතු කිරීමේ දර්ශන අනුපාත වෙනස්කළ හැකි යන්ත්‍ර තිබෙන පාරිභෝගිකයන් ව්‍යාකූල කළ හැකිය. මක්නිසාද යත් යන්ත්‍රය නිවැරදි දර්ශන අනුපාතයට සැකසීම කළයුතු බැවින් සම්ප්‍රදායික සම්මත-විභේදන රූපවාහිනි වැඩසටහන් හා වෘත්තාන්තික චිත්‍රපට, (බොහෝ විට 1953 පෙර 4:3 අනුපාතයෙන් නිෂ්පාදන) HDTV මොනිටර වලින් පෙන්වන විට දර්ශන තලයේ ‍වමට හා දකුණට ශුන්‍ය දර්ශන තීරු ඇතිවේ. මෙමඟින් සෑහිමකට පත්නොවන බොහෝ පාරිභෝගිකයන් මෙම දර්ශන තිරස් අතට ද මොනිටරය දර්ශනයෙන් මුළුමනින්ම පිරවීමක් සිදුකරති. මෙමඟින් ඕනාවට වඩා පළල් සහ උසින් අඩු දර්ශන ඇතිවේ. සමහර පාරිභෝගිකයන් දර්ශන විශාල කිරීමක් (zoom) කරන නිසා දර්ශනය මඟින් මොනිටරය පිරවුවත්, දර්ශනයේ උඩ ‍කොටසේ හා යට කොටසේ අඩුවීමක් සිදු වේ.

"HD සංඥා" අධිමිල (premium) තරංග පථවල තැබිමට ප්‍රචාරණය කරන්නන් හෝ කේබල-රූපවාහිනී මෙහෙයුම් කරුවන් නියම කළ හැකිය. නමුත් මේ සඳහා අධිමිල කේබල අවශ්‍යය වේ. ඇතැම් සැටලයිට් (satellite) ආයතන HD චැනල අමතර ගාස්තු යටතේ පිරිනැමිය හැකිය. මේ හේතුව නිසා, ඇතැම් ප්‍රචාරණය කරන්නන් (broadcasters) හට ප්‍රාදේශීය HD තරංග අධිමිල සේවයක් ලෙසටද ප්‍රචාරණය කළ හැකිය. තවදුරටත් නරඹන්නට අවශ්‍යය සමහර චැනල නොලැබී යාමටත්, අංකිත-‍ නොවන, සම්මතයෙන් අඩු හෝ ඇන්ටනා අවශ්‍යය වන අංකිත ‍සංඥා පමණක් පරිශීලනයට ලැබීමත් සිදුවිය හැකිය.


මෙවැනි තත්වයක් නිසා තාක්ෂණික ගැටළු වලට වඩා නීතිමය හා ආර්ථික ගැටළු ඇති වෙයි.


සාම්ප්‍රදායික රූපවාහිනි හා සැසඳීමේදි HDTV වල තවත් අවාසියක් වන්නේ, වෙනස් තත්ත්ව හා විභේදන වල (reduction) ඇතිවන පාරිභෝගික ව්‍යාකූලතාවයයි. උදාහරණ ලෙස 1080i, 1080p හා 720p. විවිධ රූපවාහිනී සම්බන්ධතා වල වෙනස් වීම් (සම්බන්ධී වීඩියෝ සිට DVI තාක්ෂණයට, DVI තාක්ෂණයේ සිට HDMI තාක්ෂණයට) මෙම ප්‍රශ්නය තවත් සංකීර්ණ කර ඇත. අවසාන වශයෙන්, HD DVD ආකෘතිය (format) හා Blu-ray Disc ආකෘතිය අතර, කාලයක් තිස්සේ පැවති ආකෘති තරඟය පාරිභෝගිකයන් ව්‍යාකූලත්වයට පත් කරන ලදි. කෙසේ වුවත් මෙම ආකෘති සටන Blu-ray Disc ආකෘතිය සම්මතය බවට පත්වීමෙන් සමථයකට පත්වී ඇත.


සටහන්

[සංස්කරණය]
High definition television Standard frame or field rates
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අධි - විභේදන රූපවාහිනී
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?