අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනය
වර්තමානයේ මාර්ගෝපදේශනය උපදේශනය සහ මනෝසමාජ මැදිහත් වීම යන සංකල්ප බහුලව භාවිතා වේ. මෙම සංකල්ප අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ මෙන්ම සෞඛ්‍ය හා වෙනත් කේෂ්ත්‍රවලද බහුල ලෙස භාවිතා කෙරේ. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම කෙනෙක් තව කෙනෙකුට සහ වීමේ පිළිවෙක් පැවතී ඇත. නොයෙකුත් ඇගම් ශාස්තෘවරුන්ගේ ද දර්ශනවල ද අන්තර්ගත වෙන්නේ පුද්ගලයින්ගේ දියුණුව සඳහා මඟ පෙන්වන නැතහොත් මාර්ගෝප දේශනයයි.
මනෝවිද්‍යාව හා මනෝ සමාජ විද්‍යාව මෙම විෂයන් දෙකේදීම අවධානය යොමු කරන්නේ තනි පුද්ගලයකු පිළඳවයි. නමුත් මනෝවිද්‍යෙව්දී වැඩිපුර අවධානය යොමු කරන්නනේ පුද්ගයකුගේ පෞද්ගලික අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළබඳවයි. එසේම මනෝවිද්‍යාවේදී පුද්ගලයන් අතර ඇති වෙනස්කම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි.
මනෝ සමාජ විද්‍යාව මිනිසුන් ඔවුනොවුන් සම්බන්ධව සිතන අකාරය බලපෑම් කරන ආකාරය සහ සම්බන්ධවන අයුරු පිළබඳව විද්‍යාත්මකව හදාරණ විෂයකි. මෙහි මනෝවිද්‍යා විෂයයන් දෙක සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව වේ. සමාජ විද්‍යාව සමග සන්සන්දනය කරන විට මනෝ සමාජ විද්‍යාව වැඩි පුරම පුදගලබද්ධව ගොඩනැගී ඇත. එමෙන්ම එහි පර්යේෂනාත්මක භාවය ද වැඩිය.
උපදේශනය පුදගලයාතුළ උද්ගත වන්නා වූ තරඟකාරී තත්වයෙන් මිදීමට ඔහු තුළට ගැබ් වී ඇති ශක්තීන් දායක කොට ගැනීමට මං එළි පෙහෙළි කරන ක්‍රියාවකි. පුද්ගලයාගේ මනෝ විද්‍යාත්මක යහපැවැත්ම වර්ධනය කරණ අර්බුධ සමනය කරණ ගැටළු විසඳීමේ හැකියාව සහ තීරණ ගැනීමේ හැකියාව ලබාදෙන ක්‍රියාවලියකි.මෙහිදී මඟ පෙන්වීමෙක් පමණක්ම කෙරේ දිශාගත කිරීමක් සිදු නොවේ.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.